මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 5170 දක්වා ඉහළට

ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 132ක් අද (15 වැනිදා) උදෑසන වන විට
හඳුනා ගෙන ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව එම පුද්ගලයින් අතරින්, පුද්ගලයින් පස් දෙනෙක් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන පුද්ගලයින් වන අතර, ඉතිරි පුද්ගලයින් 127 දෙනා එම කම්හලේ සේවය කරන පුද්ගලයින්ගේ සමීපතයින් වේ.
මේ අතර මෙරට සමස්ථ කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 5,170 දක්වා ඉහළ ගොස් ඇති අතර පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය රෝගීන් සංඛ්‍යාව 3,357 ක් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. රෝගීන් 1,800 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටී.