මෙරට කොරෝනා ආසාදිත ගණන 43 දක්වා ඉහළට

මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 43 දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ දිනය (16 වැනිදා) වන විටදී මෙරට කොරෝනා වෛරස අසාදිත රෝගීන් 28ක් හඳුනාගෙන තිබූ අතර අද සවස් වන විටදී වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 15 දෙනකු හඳුනා ගැනීමට හැකිවූ බව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටී.