බොක්සිං වළල්ලෙන් යුද පිටියට ආ යුක්රේනුවා

රුසියානු හමුදාව විසින් යුක්රේනය ආක්‍රමණය කරමින් සිටියදී එරට සාමාන්‍ය ජනතාවද තුවක්කු අතට ගනිමින් තම රට රැක ගැනීමේ මෙහෙයමුක නිරතව සිටියි. මේ අතර යුක්රේන් බොක්සිං ශූරයකු වන විටාලි ක්ලිට්ෂ්කෝද රුසියාවට එරෙහිව යුද වැදීමට අවි අමෝරා සිටියි.
සොල්දාදුවෙක් ලෙස මේ වෙලාවේ මගේ රට ආරක්ෂා කිරීමට මම සිවිල් වැසියෙක් විදිහට සූදානම්. මම යුක්රේනය විශ්වාස කරනවා. මම මගේ ජනතාව විශ්වාස කරනවා. යැයි ඔහු බොක්සිං පිටියෙන් යුද පිටියට පැමිණ පවසයි.