වැදු මව යකින්නියක් වී පැය 24 න් දියණියක් වළ දමයි

ගෙදර බුදුන් අම්මා යැයි හඳුන්වන අම්මාවරුන් අතර පාපතර වැඩ කරන තැනැත්තියකට අම්මා යැයි කිව නොහැක. මේ සිද්ධියද පාපතර තැනැත්තියක් පිළිබඳව බැවින් ඇයට අම්මා යැයි කිව නොහැක. තම කුසෙන් වැදූ දියණිය පැය 24 ක් ඇතුළත පණපිටින වළලා දැමීමට තරම් මේ කාලකණ්ණි තැනැත්තිය කටයුතු කළද පූරුවේ කළ පිනකට දියණිය වළෙන් ගොඩ ගනිද්දී මිය ගොස් නොතිබුණි.
අදාළ සිද්ධිය වාර්තාවන්නේ චාවකච්චේරි – මට්ටුවිල් උතුරු ප්‍රදේශයෙනි.

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා විසින් ඊයේ (23) පොලීසියට පැමිණිල්ලක් ගොනුකර තිබු අතර ඒ අනුව චාවකච්චේරි පොලීසිය එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

ඒ අනුව වැඩිදුර පරික්ෂා කිරීමේදී නිවස පිටුපස වලදමා තිබියදී බිළිඳිය සොයා ගෙන තිබෙයි.
ඒ අනුව බිළිඳිය වලදමා තිබූ ස්ථානයෙන් ගොඩගෙන ඇති අතර එහිදී අදාළ බිලිඳිය ජිවතුන් අතර සිටී අතර, කඩිනමින් රෝහලට ඇතුළත් කර තිබෙයි.

කෙසේ වෙතත්, මේ වනවිට අදාළ බිලිඳිය යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය. සිද්ධියට අදාල මව පොලීසිය අත්අඩංගුවේ පසුවන බවට තොරතුරු වාර්තා වෙයි.