ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගයේ දින වෙනසක් නෑ

05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පෙර දැනුම් දුන් දිනයන්වලම පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට විභාග දෙපාර්තමේන්තුව කියා සිටී. ඒ අනුව රටේ පවතින අයහපත් සෞඛ්‍ය වාතාවරණය හේතුවෙන් මේ දක්වා විභාග පැවැත්වෙන දිනයන් වෙනස් කිරීමක් සම්බන්ධයෙන් අදහස් කොට නොමැති බවද විභාග දෙපාර්තමේන්තුව කියා සිටී.
මේ අතර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙතින් සහතික පත් නිකුත් කිරීම ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පමණක් සිදුකෙරෙන බවත් නිරෝධායන හේතු මත දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට මහජන පැමිණීම සිමා කර ඇති බැවින් නැවත දැනුම් දෙන තුරු දෙපාර්ත්මෙන්තුවේ එක්දින හා සාමාන්‍ය සේවා කවුළු තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බවත් ඔවුන් වැඩි දුරටත් කියා සිටී.