ඇඳිරි නීතිය තවදුරටත් කි‍්‍රයාත්මකයි

දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ යන පොලිස් බල ප‍්‍රදේශවලට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් කි‍්‍රයාත්මක වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටී. ඒ අනුව ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් අදාළ ප‍්‍රදේශවල ජංගම මුර සංචාර ද කි‍්‍රයාත්මක බවත් නිරෝධායන රෙගුලාසි කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බවත් නියෝජ්‍ය පොලිස්පතියරයා වැඩි දුරටත් කියා සිටී.