චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් ජය ලබයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (04 වැනිදා) පැවැති තරග දෙකේදී ජය හිමි කර ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.
තරගාවලියේ 17 වැනි තරගය ලෙසින් පැවැති මුම්බායි ඉන්දියන්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් අතර තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 208ක් රැස් කළේය. ඒ අනුව ජයග්‍රාහි ඉලක්කය හඹා ගිය සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ලබාගත හැකි වූයේ පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 174ක් පමණි. ඒ අනුව තරගය ලකුණු 34 කින් ජය ගැනීමට මුම්බායි ඉන්දියාන් කණ්ඩායම සමත් විය.
චෙන්නායි සුපර් කංග්ස් කණ්ඩායම සහ කිංගස් XI පන්ජාබ් අතර තරගයේදී පළමුවෙන් ලකුණු රැස් කළ කිංගස් XI පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 4ක් දැවී ලකුණු 178 අභියෝගයක් මුම්බායි පිතිකරුවන්ට ලබා දුන්නේය. ඒ අනුව පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී පන්දුවාර 17.4කදී අදාළ ඉලක්කය පසුකර ගියේය. ෂේන් වොට්සන් සහ ෆෆ් ඩු ප්ලෙසිස් පිළිවෙලි්න් ලකුණු 83 සහ 87 බැගින් රැස් කළේය.