ඉදිරියේදී මෙරට වාහන හිඟයක්

මෝටර් රථ ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් වෙළඳපොළේ උග්‍ර වාහන හිඟයක් පවතින බවත් මේ වන විට වාහන අළෙවි අංගනවල ලියාපදිංචි නොකල වාහන 3000 ක් පමණ බවත් වාර්තා වේ. ඒ අනුව ඉල්ලුම අනුව සැපයුම නොමැතිවීම හේතුවෙන් වාහන අංගන තුළ ඉතිරිව ඇති වාහන සඳහා සම්මත මිලක් නොමැති බවත් ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය කියා සිටී.
ටොයටා විට්ස්, ටොයටා සී. එච්. ආර්, සුසුකි වැගන් ආර්, ටොයටා පැසෝ, ටොයටා වෙසල්, ටොයටා ග්‍රේස් වැනි වාහන ජනතාව වැඩි වශයෙන් මිලදී ගනු ලබන බවත් ඒ හේතුවෙන් එම වාර්ගයේ රථ වෙළදපොල තුළ උග්‍ර හිඟයක් පවතින බව වාහන අපනයන කරුවන්ගේ සංගමය කියා සිටී.