කිරිපිටි ආනයනය නතර කිරීමට ඇමැති සැරසෙයි

මෙරටට කිරිපටි ආනයනය කිරීම ඉදිරියේදී සම්පූරණයෙන් නතර කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවයි.
අදහස් දැක්වමින් ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ කිරි නිෂ්පාදනයෙන් මෙරට නිෂ්පාදනය වන්නේ සියයට 35ක් බවත් ඉතිරි සියල්ල පිටරටින් ගෙන්වන බවත්ය. එක දිනකට ඇමරිකානු මිලියන 1ක කිරි මෙරටට ගෙනවන බවත් ඉදිරියේදී මිල්ගෝ ආයතනයත් සමග ඒකාබද්ධ වී මෙරට කිරි නිෂ්පාදනය වර්ධනය කිරීමට පියවර ගන්නා බවත් ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.