ඔමික්‍රෝන් ආසාදිතයින් 48 ක් කුරුනෑගල ගනේවත්ත තිත්තවැල්ගාල ග්‍රාමසේවා වසම හුදෙකලා කරයි

මේ වනවිට ඔමික්‍රෝන් ආසාදිතයින් 48 දෙනෙකු මෙරට තුලින් වාර්තා වී ඇති අතර නිවෙස්ගත රෝගී
සත්කාර සේවාවටත් ඉදිරියේදී ඔමික්‍රෝන් රෝගීන් ඇතුළත් විය හැකි බවත් රට තුළ ඔමික්‍රෝන්
ආසාදිතයින් වැඩිවෙමින් පවතින බව සෞඛ්‍ය අංශ දැඩිව අවධාරණය කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් රෝගීන් සඳහා වු නිවෙස්ගත ප්‍රථිකාර සේවයේ වෛද්‍ය කණ්ඩායමේ
ප්‍රධානි ලෙස කටයුතු කරන විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පෙන්වා දෙන්නේ
නිවෙස්ගත ප්‍රථිකාර ක්‍රමය සඳහා 2021 ජුනි 07 සිට දෙසැම්බර් 31 දක්වා රෝගීන් 130,072ක් ලියාපදිංචි
වී තිබූ බවය.

විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසන පරිදි රෝහල්ගත කළ රෝගීන් සංඛ්‍යාව
වාර්තා වී ඇත්තේ 2,148ක් වන අතර එය 1.5% ප්‍රතිශතයක් වනු ඇත. ප්‍රථිකාරවලින් පසු මුදාහැරි
රෝගීන් ප්‍රමාණය 125,168කි. ඒ අනුව දෙසැම්බර් 31ක වනවිට නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්
සංඛ්‍යාව 2,096ක් පමණි.

තවද වි‍ශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පෙන්වා දෙන්නේ රෝග ලක්ෂණ පෙන්නුම්
නොකළ ද කොවිඩ් -19 ආසාදිතයින් සමාජය තුළ සිටිය හැකි බැවින් සියලුදෙනාම සෑම ස්ථානයකදීම
සෞඛ්‍ය පුරුදු පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කළයුතු බවයි.

මේ අතර කුරුනෑගල ගනේවත්ත තිත්තවැල්ගාල ග්‍රාමසේවා වසම වහාම ක්‍රියාත්මක වන පරිදි
හුදෙකලා කර තිබෙනවද වාර්තා වේ.