මූල්‍ය තත්ත්වය තේරුම් ගෙන හෙද ඉල්ලීම් දෙන්න – ජනපති

රට තුළ පවතින මුදල් තත්ත්වය නිසි ලෙස අවබෝධ කර ගනිමින් සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයට අනුමත කළ හෙද ඉල්ලීම් දීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට  උපදෙස් දුන්නේය. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ඉල්ලීම පරිදි ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

“වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය සේවය ඉහළින්ම අගයන බව ජනාධිපතිවරයා කියා සිටියේය. හෙද විශ්වවිද්‍යාලය ඇරැඹීම, දෙවැනි ශ්‍රේණියේ සිට පළමුවැනි ශ්‍රේණියට උසස් කිරීම් පෙරදාතමින් කිරීම, පැය 36ක්ව පවතින රාජකාරි කාලය සතියට දින 5ක රාජකාරියක් ලෙස පැය 30ක් ලෙස සැලකීම, වෛද්‍ය වෘත්තිකයන්ට දෙන රුපියල් 35,000ක DAT දීමනාව සමානුපාතිකව යෝජිත රුපියල් 10,000 දීමනාව, නිල ඇඳුම් දීමනා චක්‍රලේඛය නිකුත් කිරීම සහ මූලික වැටුපෙන් 1/100 රේට් අගයක් මත අමතර සේවා දීමනාව යන හෙද වෘත්තීය ඉල්ලීම් සාකච්ඡාවට ලක් කෙරිණ.