ඇමරිකානු ඩොලරය රුපියල් 187ට නගී

ඇමරිකානු ඩොලරයක රුපියල් අගය අද (18දා) රුපියල් 187 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ඇමරිකානු ඩොලරයක මිල මෙතරම් ඉහළ අගයක් ලංකා ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වේ.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර තිබූ විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 187.2339 දක්වා ඉහළ ගොස් තිබේ. ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ (17දා) රු.186.6635ක් වූ අතර එහි ගැනුම් මිල අද රු.183.1490 දක්වා ඉහළ ගිය අතර ඊයේ එම අගය රු.182.5795 ක් විය.