ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්. ඩී. ආරියසිංහ අභාවප්‍රාප්ත වේ

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්. ඩී. ආරියසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඒ මහතා අද (09 වැනිදා) පෙරවරුවේ සිය නිවසේ දී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කළේය. මියයන විට ඒ මහතා 64 වන වියේ පසුවිය.