මුහුණු ආවරණ නොපැළඳීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියානු අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩෘස්ට ඩොලර් 400 ක දඩ නියම කෙරේ.

 

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩෘස් මුහුණු ආවරණ නොමැතිව
පාර්ලිමේන්තුවට පැමිණෙන අයුරු රූගත කිරීම් සිදු කිරීමෙන් පසු කොවිඩ් -19 උපදෙස් කඩ කළ වරදට
වික්ටෝරියානු පොලිසිය විසින් ඔහුට ඔස්ට්‍රේලියානු ඩොලර් 400 ක දඩ නියම කර තිබේ.
බදාදා (6දා) සහ බ්‍රහස්පතින්දා (7) උදෑසන මාධ්‍යවේදීන් සමඟ කතා කිරීම සඳහා පාර්ලිමේන්තු වාහන
නැවතුම්පොළ හරහා ගමන් කරමින් සිටියදී අතිවූ එම සිද්ධීන් ගැන ඇන්ඩෘස් මහතා සමාව අයැද
සිටියේය.

“ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි උපදෙස් උල්ලංඝනය කිරීම හේතුවෙන් ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෘස්ට
කොවිඩ් නීති උල්ලංඝනය කිරීමේ නිවේදන දෙකක් නිකුත් කර ඇති බව වික්ටෝරියා පොලිසියට
තහවුරු කළ හැකිය” යනුවෙන් පොලිස් ප්‍රකාශකයෙක් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

“දින දෙකක් මුහුණු ආවරණ පැළඳ නොසිටීම හේතුවෙන් ඩොලර් 200 ක වටිනාකමකින් යුත් දඩ
දෙකක් අද (ඔක්තෝබර් 8) අගමැති ඇන්ඩෘස්ට හිමි විය.”
බ්‍රහස්පතින්දා උදෑසන ඇන්ඩෘස් මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවේ ගත් ඡායාරූප වල
දැක්වෙන්නේ ගොඩනැගිල්ලෙන් පිටත මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීම ආරම්භ කිරීමට පෙර ඔහු කාරයකින්
බැස වෙස්මුහුණක් නොමැතිව ඇවිදින බවයි.
එරට නීතියට අනුව වයස 12 ට වැඩි වික්ටෝරියානු වැසියන් සිය නිවස හැර යන විට මුඛ ආවරණයක්
පැළඳිය යුතු අතර දේශපාලනඥයින් සහ මාධ්‍යවේදීන් මාධ්‍ය හමුවලදී අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට
හෝ විකාශන මාධ්‍ය මඟින් අදහස් හුවමාරු කර ගැනීමට වැඩ කිරීමේදී වෙස් මුහුණු පැළඳීමෙන් නිදහස්
වේ.
අවශ්‍ය වූ විට මුහුණු ආවරණයක් පැළඳ නොසිටින සහ නීත්‍යානුකූලව නිදහස් කිරීමක් නොමැති
පුද්ගලයින්ට ඩොලර් 200 ක දඩයක් ගෙවිය යුතුය.

ඇන්ඩෘස් මහතා දඩ මුදල් නිකුත් කිරීමට පෙර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “මම මේ
සතියේ පාර්ලිමේන්තු මන්දිරය පිටුපස පුවත්පත් සාකච්ඡා දෙකකට ළඟාවෙද්දී මුහුණු ආවරණ ඉවත්
කළ බව ඇත්ත. වික්ටෝරියා පොලිසිය මෙය තක්සේරු කරනු ඇතැයි මම බලාපොරොත්තු වන අතර
ඔවුන් දඩ මුදලක් දීමට කැමති නම් ඇත්තෙන්ම මම එය ගෙවන්නෙමි.
“ඔවුන් දඩ මුදලක් නිකුත් නොකරන්නේ නම්, මෙම වසංගතයේදී මිනිසුන්ට ආධාර කිරීම සඳහා
කටයුතු කරන පුණ්‍යායතනයකට මම එම වටිනාකම පරිත්‍යාග කරමි, සෑම කෙනෙකුම නීතිරීති
අනුගමනය කළ යුතු අතර එවන් දෙයක් සිදුවීම වීම ගැන කණගාටුයි.” යනුවෙනි.

සටහන – සිරිනාම