කාලගුණයෙන් අවවාදාත්මක අනතුරු ඇඟවීමක්

දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් හෙට (29 වැනිදා) දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවයි. මේ අනුව, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. එසේම උතුර උතුරුමැද වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දකුණු පළාතේත් පොලොන්නරුව සහ මාතර දිස්ත්‍රික්කවලත් සහ මධ්‍ය කඳුකම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැයට කිලෝමීටර 60 70 ක දක්වා තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් අනතුරු අඟවයි.