වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෝ මුහුණු ආවරණ නිපදවති

වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් රැඳවියන් යොදවා අවශ්‍ය වන මුහුණු ආවරණ බන්ධනාගාරය තුළදීම නිෂ්පාදනය කරවීමට බන්ධනාගාර අධිකාරිය පියවර ගෙන තිබේ.
ඒ අනුව මෙම මුහුණු ආවරණ සකස් කිරීමේ වැඩපිළිවෙළ අද සිට (15 වැනිදා) ක්‍රියාත්මක කෙරෙන අතර අධ්‍යාපන අමාත්‍යංශයෙන් බන්ධනාගාරය වෙත ලැබී තිබූ රෙදි තොගයක් යොදාගනිමින් මෙම මුහුණු ආවරණ සකස් කිරීමට පියවර ගත් බව වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරියෙක් අප වෙත පැවසීය.