බස්නාහිර ඇඳිරිනීතිය දීර්ඝ කෙරේ

බස්නාහිර පළාතේ දැනට පනවා ඇති ඇඳිරි නීතිය ලබන 9 වැනි සඳුදා උදෑසන 5.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය 29 වැනිදා රාත්‍රී 12 සිට බස්නාහිර පළාත ආවරණය වන ලෙස පැනවූ නිරෝධායන ඇඳිරිනීතිය හෙට අලුයම අවසන් කිරීමට නියමිතව තිබුණද උද්ගතව ඇති තත්ත්වය හමුවේ අදාළ ඇඳිරිනීතිය දීර්ඝ කිරීමට පියවර ගත්බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටී.