මහේලගේ හිටපු බිරිඳ මොනවද මේ කියන්නෙ – ඈත් වෙලා කොහෙත්ම ඉන්න බැහැ

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය පළමු විවාහයට සමුදී දෙවැනි වරටත් පසුගියදා විවාහ වුණා. ඒ සමග කරළියට පැමිණි ක්‍රිස්ටිනා සිරිසේන හෙවත් මහේලගේ හිටපු බිරිද වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් යුටියුබ් නාලිකාවක් සමග පැවැති කතාවකදී පවසන්නේ මෙවැනි දෙයක්.
‘මම හිතාමත් හොඳ කෙනෙක් කියලා මගෙ මිතුරන් කියනවා. මම පොළොවෙ පයගහල ඉන්න කෙනෙක්.‘ ක්‍රිස්ටිනා ඇයව හඳුන්වා දෙන්නේ එවැනි වදනකිනි.
වර්තමානයේ ඇය ගෙවන ජීවිත ඉතාමත් කම්ලිලු. ඇත්තටම හරිම කම්මැලියි. දුවගේ වැඩ එක්ක තමා ජීවිතය ගෙවිලා යන්නෙ.
මහේලගෙන් වෙන් වුවද ක්‍රිස්ටිනා නිර්මාංශී බව අපි දන්නේ ඇය පැවසුවාට පසුවයි. ‘මම නිර්මාංශි වෙන්නෙ අභියෝගයක් හැටියට. ඉස්සරත් ගොඩක් මස් මුළු කැවේ නැහැ. මම නිර්මාංශි චිත්‍රපට නැරඹුවා. පසුව ඉතාමත් හොඳින් මම නිර්මාංශි වුණා.
ඇයට දුව නැතිව ජීවත් වීමට අසීරු බව පැවසුවාය. ”අපි දෙන්නම හරි මුරණ්ඩුයි. දවසට පැය 7ක්ම ඇය සමග තමයි ඉන්නෙ. අපි විනෝද වෙනවා. ඇය ඈත් කිරීම කිසි සේත්ම කරන්න බැහැ”.
ජීවිතයේ අමතක නොවන සංචාරය වැනීසිය බවත් එහිදී තමාගේ හොඳම මිතුරා සමග කෝච්චියේ ය විට පිට් පොකැට් ගැසූ බවත් හෝටලයේ ඉන්නට මුදල් නැති වූ බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.