යාපනයේ මනෝහරන් නඩරාසා සරුංගලයකින් උඩ ගිය කතාව දැන් රටම දනියි. නමුත් ඔහු ඒ බිහිසුණු අත්දැකීම විස්තර කළේ මෙලෙසිනි.
”මම වැඩ කරන්නෙ කඩේක. හැබැයි මම නිතරම සරුංගල් යවන කෙනෙක් නෙමෙයි. මට එදා නිවාඩු හින්දා අපේ 30 දෙනෙක් විතර එකතු වෙලා සරුංගල් අරින්න ගියා. අපි ලොකු සරුංගලයක් ලණු කැරලි එකතු කරලා හදපු කඹේකින් උඩ යවන්න තමයි උත්සහ කෙරුවේ. අපි කට්ටියම සරුංගලේ අල්ලගෙන හිටියා. කොහොම හරි මම ලණුවෙ මැද හිටියේ. එක පාරටම සරුංගලය උඩ ගියා. අඩි 50 ක් විතර සරුංගලය උඩට යනකොට මුල හරියෙ ලණුව අල්ලගෙන හිටපු අය ලණුව අතහැරියා. මමත් ලණුව අතහරින්න හිතුවත් එක පාරටම මාවත් එක්ක උඩට ගියා.
මට හිතාගන්න බැරි වුණා මොනවද කරන්නෙ කියලා. බිම හිටපු යාළුවන් කිව්වා ලණුව අතහරින්න එපා කියලා එයාලා කෑ ගැහුව්වා. මම අඩි 100 ක් 120 ක් විතර උඩ හිටියෙ කියලා මට තේරුණා. මට සිහිය නැතිවෙලා වගේ දැනුණා. හොඳටම බය වෙලා හිටියේ.
කොහොම හරි දෙයියෝ මාව බේරගනියි කියලා හිතුවා. මගේ විශ්වාසය තිබුණෙ දෙවියන් ගැන විතරයි. දෙවියෝ මාව බේරගත්තා. උඩ ඉන්නකොට මම බිම බැලුවෙ නැහැ බයටම. ලණුව ටිකක් පාත්වෙනකොට ලණුව අල්ලන් ඉන්න බැරි තත්ත්වයකට ආවා. ඒ නිසා මම ලණුව අතහැරියා.” යැයි මනෝහරන් ලඩරාසා සිය බිහිසුණු අත්දැකීම විස්තර කළේය
යාපනයේ වාර්ෂිකව සරුංගල් යැවීම එක්තරා කළාවකි නැතහොත් ක්‍රීඩාවකි ඒ වෙනුවෙන් පෙර පුහුණුවිම් සිදුවීමද වැඩි හිටි මහළු සියලු දෙනාගේ විනෝදාශ්වාදයකි.