වයිට් බෝල් කැප්ටන් බ්ලැක් ලිස්ට් කරාලු

පසුගිය දා මීගමුව හෝටලයකදි පැවැති මංගල උත්සවයකට සහභාගී වූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙකු එහි සිටි ක්‍රිකට් ක්‍රීඩකයින් ඉදිරියේ දැඩි දෝෂ දර්ශනයට මෙන්ම නොසැළකිල්ලකට භාජනය වූ බවද වාර්තා වෙනවා.
එනම් සැරසන්ස් ක්‍රීඩා සමාජයේ වමත් දඟපන්දු යවන්නෙකු වන චාමික එදිරිසිංහ ගේ විවාහ මංගල උත්සවය සඳහා ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයින් 40ක් පමණ සහභාගී වී සිටි අතර ඒ මොහොතට සහභාගී වූ ශ්‍රී ලංකා වයිට් බෝල් කණ්ඩායමේ නායකයා මෙසේ අපහසුතාවට පත්වූ බවයි පැවැසෙන්නෙ. ඔහු නායකයෙකු වුවද පැමිණ සිටි බොහෝ ක්‍රීඩකයින් විසින් ඔහුව තුට්ටුවකට මායිම් නොකළ අතර එතැන සිටි කිහිප දෙනෙකු ඇමතූ එම නායකයා “මට දැන් එපා වෙලා තියෙන්නෙ. තේරීම් කමිටුවෙ ලොක්ක මට අස්වෙන්න දෙන්නෙත් නැහැ.“ යනුවෙන් පවසා ඇත.
ඊට පිළිතුරු දුන් දකුණතින් වේගෙන්ම පන්දු යවන්නෙකු ”ඔයා ඕක කිය කියා ඉන්න ඕන නැහැ. ප්‍රමෝදයට අස්වීමේ ලියුම දෙන්න එතකොට ඉවරයි නෙ.” යනුවෙන් පවසා ඇත. ”මාව කවුරුත් ගණන් ගන්නෙත් නැහැ” යනුවෙන් නැවතත් එම නායකයා පැවැසූ විට, ”ගණන් ගන්නෙ කොහොමද උඹ කොචිං ලොක්කටයි තේරීම් ලොක්කටයි කේළාම් කියනවා නෙ. උඹ ඩොලර් 40000 කට කොන්ත්‍රාත් අත්සන් කළෙත් එහෙමයි නෙ.” යනුවෙන් එකී වේගපන්දු යවන්නා දැනෙන්නම වාග් ප්‍රහාරයක් එල්ල කර ඇත.
එසේ වාග් ප්‍රහාර හමුවේ අවමානයට ලක්වූ එම වයිට් බෝල් නායකයා සුළු වේලාවක් රැඳී සිට වයින් වීදුරුවක් පමණක් පානය කොට එතැනින් මාරුවී ඇතැයි දැනගන්නට ඇත. ”එයා හිටියා නම් මෙතැන වෙන ඔක්කොම දේවල් ගිහිල්ල බෝඩ් එකේ ලොක්කන්ට කියනවා. කළින්ම ගිය එක ලොකු දෙයක් ” යනුවෙන් එතැන සිටි අනෙක් ක්‍රීඩකයින් එම නායකයා පිටවී ගිය පසුව පවසා ඇත.
ඉන් පසුව පැමිණ සිටි ක්‍රීඩකයින් රිසි සේ නිදහසේ කතා බහ කරමින් මංගල සාදය බුක්ති විඳ ඇති බවද පැවැසේ.