මහින්ද තිරුපති ගිය පෞද්ගලික යානයේ අයිතකරු කවුද? වියදම මිලියන කීයද? තොරතුරු එළියට

කෝවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාව පත්ව ඇති දැඩි මූල්‍ය අර්බුදය සහ ඩොලර් අහේනිය අස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ඉන්දියාවේ තිරුපති වන්දනාව යෑම සඳහා වියදම් වූ මුදල සම්බන්ධව මේ වන විට මාධ්‍යවල දැඩි විවේචනයට ලක්ව තිබේ.
කෙසේ වෙතත් අනාවරණය වන තොරතුරු අනුව අග්‍රාමාත්‍යවරයා ගිය පෞද්ගලික ගුවන් ගමනට මිලියන ගණනක් වැය වී ඇති අතර ඩොලර් හිගයක් තිබියදී එවැනි මුදලක් වැය කරමින් වන්දනාවල යන්නට එතුමාට ඇති මූල්‍යමය ස්ථාවරත්වය සහ එම ගමන සම්බන්ධව විවිධ විවේචන එල්ලව තිබේ.
මේ සම්බන්ධව විද්‍යුත් මාධ්‍ය මෙන්ම යූටියුබ් නාලිකා ඔස්සේ විවිධ තොරතුරු අනාවරණය වෙමින් තිබේ. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ රත්මලාන ගුවන් තොටුපලෙන් බ්ලූ බර්ට් නැමැති ගුවන් යානයෙන් සිය පෞද්ගලික වන්දනාවට ගිය ගුවන් යානයේ අයිතිකරු සඳහන් කර නොමැත.
මෙම පෞද්ගලික ජෙට් යානය පැයකට හයර් කරනවානම් මුදල රුපියල් මිලියන 1.3 කි. පැය 24 කට නම් රුපියල් මිලියන 32 කි. එබැවින් මෙම ගුවන් යානය සම්බන්ධව විශේෂ තොරතුරු යූටියුබ් නාලිකාවක මෙසේ අනාවරණය කර තිබුණි.
වීඩියෝව පහතින්