ජාතික කඹ ඇදීමේ ශූරතා තරගාවලිය – 2021 ශ්‍රී ලංකා යුධ හමුදාව බලය තහවුරු කර ගනී

16වැනි වරටත් පැවැති ජාතික කඹ ඇදීමේ ශූරතා තරගාවලියේදී ජ්‍යෙෂ්ඨ පිරිමි (කිලෝ ග්‍රෑම්
640) හා ජ්‍යෙෂ්ඨ කාන්තා (කිලෝ ග්‍රෑම් 560) යන ශූරතා දෙකම ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම්
විසින් දිනා ගන්නා ලදී.
ශ්‍රී ලංකා ජාතික කඹ ඇදීමේ සම්මේලනයේ සභාපති ජානක රණසිංහ මහතාගේ මෙහෙයවීමෙන්
ක්‍රීඩා අමාත්‍යංශය හා ජාතික කඹ ඇදීමේ සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ මෙවර කඹ
ඇදීමේ ශූරතා තරගාවලිය පසුගිය 26දා කොළඹ-7 ටොරිංටන් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණි.
ජාතික කඹ ඇදීමේ සම්මේලනයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජ 37ක සහභාගීත්වයෙන් පැවැති මෙම
තරගාවලියේදී එක් එක් බර පංති යටතේ කණ්ඩායම් හිමිකර ගත් ජයග්‍රහණයක් ඇතුළත් ප්‍රතිඵල
මෙසේය.

ජ්‍යෙෂ්ඨ පිරිමි කි.ග්‍රෑම් 640
ප්‍රථම ස්ථානය – ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම
දෙවැනි ස්ථානය – කොළඹ ජෑන්ස් ක්‍රීඩා සමාජය
තුන්වැනි සිථානය – ඩම්බෙල් ක්‍රීඩා සමාජය

ජ්‍යෙෂ්ඨ කාන්තා කි.ග්‍රෑම් 560
ප්‍රථම ස්ථානය – ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම
දෙවැනි ස්ථානය – එකමුතු ක්‍රීඩා සමාජය
තුන්වැනි සිථානය – ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම

අවු.23න් පහළ පිරිමි කි.ග්‍රෑම් 600
ප්‍රථම ස්ථානය – ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම
දෙවැනි ස්ථානය – යුනයිටඩ් ක්‍රීඩා සමාජය (උඩුගම්පොළ)
තුන්වැනි සිථානය – තුසිත ක්‍රීඩා සමාජය (ගනේමුල්ල)

23න් පහළ කාන්තා කි.ග්‍රෑම් 500
ප්‍රථම ස්ථානය – රත්නපුර ක්‍රීඩා සමාජය
දෙවැනි ස්ථානය – ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම
තුන්වැනි සිථානය – භාතිය ක්‍රීඩා සමාජය (තඹුත්තේගම)

පිරිමි – බර සීමාවක් නොමැති අංශය
ප්‍රථම ස්ථානය – ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම
දෙවැනි ස්ථානය – ඕල් ෆ්‍රෙන්ඩ්ස් ක්‍රීඩා සමාජය
තුන්වැනි සිථානය – කොළඹ ජෑන්ස් ක්‍රීඩා සමාජය

පිරිමි – බර සීමාවක් නොමැති අංශය
ප්‍රථම ස්ථානය – ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම
දෙවැනි ස්ථානය – අම්පාර සිවිල් ආරක්ෂක ක්‍රීඩා සමාජය
තුන්වැනි සිථානය – භාතිය ක්‍රීඩා සමාජය (තඹුත්තේගම)