රාජපක්ෂ ගැන්සියට ටොකු අනින්න විමල් සහ ගමන්පිල වේවැලක් ගනියි

වත්මන් රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්කිරීමට උරදුන් විමල් වීරවංශ සහ උයද ගමන්පිල ඇතුළු පක්ෂ නායකයන් එම කදවුරෙන් එළියට බැසීමේ වෙඩි මුරය මේ වන විට තබා තිබේ. ඒ අනූව ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තවත් හවුල්කාර පක්ෂ කිහිපයක එකමුතුවකින් මෙම ආණ්ඩුව ගෙදර යැවීමට පියවර ගනු ඇතැයි ඉතාමත් විශ්වාසදායී ආරංචි මාර්ග ඔස්සේ ශ්‍රී ලංකන් ටයිම්ස් කළ විමසීමකදී අනාවරණය විය.
විමල් වීරවංශ මහතාගේ පක්ෂය නියෝජනය කරන කලුතර දිස්ත්‍රික් දේශපාලනඥයකු පවසා සිටියේ; ‘මෙහෙම ගියොත් අපිට පාරට බහින්න හම්බ වෙන්නෙ නැහැ. දැන් අපි තීන්දුවක් අරගෙන වැඩ කරගෙන යනවා. මිනිස්සුන් වෙනුවෙන් අපි අලුත් වැඩක් ඉදිරියට කරනවා.’ යැයි පැවසීය.
මේ අනූව ආණ්ඩු විරෝධී එළිපිට රැස්වීම්ද දැන් කුඩා පක්ෂ ආණ්ඩුව ඇතුළේ සිට ආරම්භ කර තිබේ.

මෙරට එල්.එන්.ජී. සැපයුම ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව 29 වැනි දින කොළඹ දී ජාතික සභාවක් කැදවන වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. මෙම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමේ දී අමාත්‍යවරයා කියා සිටියේ ‘ලිහන්න ඇති මල්ල ඔබා බලන්නට කුමටද’ යනුවෙනි.

අම්මා තාත්තා වරදක් කලත් වැරදි බව ද සඳහන් කළේය.

ආන්ඩුවේ සෙසු පක්ෂ 11ක නායකයන් හා ඛනිජ තෙල්, විදුලිබල සහ වරාය වෘත්තීය සමිති කිහිපයක නායකයන් සමග බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්‍ෂ කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකින් පසු ඔහු මේ අදහස් පල කරන ලදී.

එහිදී වෘත්තීය සමිති නායකයන් කියා සිටියේ තම සටනට ආණ්ඩුවේ මෙම පක්ෂ සියල්ල සහයෝගය දෙන බවටත් එකහෙළා ප්‍රතිඥා දුන් බවයි.

දින දෙකක් රට අදුරේ තබමින් වැඩ වර්ජනයකට යන බවද වෘත්තීය සමිති නායකයන් එහිදී කියා සිටියහ.