විමල් සහ ගම්මන්පිල කැබිනෙට්ටුවෙන් නෙරපයි…

වත්මන් රජයේ කැබිනට් අමාත්‍යවරුන් වූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල සිය අමාත්‍යධුර වලින් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඔවුන් ඉවත් කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ජනාධිපතිවරයා විසින් කරන ලද නව කැබිනට් සංශෝධනයට අනුව නව බලශක්ති අමාත්‍යවරයා ලෙස ගාමිණී ලොකුගේ පත් කර ඇති අතර විදුලි බල අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නි ආරච්චි පත්කර ඇත.
ඒ යටතේ නව කර්මාන්ත අමාත්‍යවරයා ලෙස එස්.බී දිසානායක සහ නව ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම දිවුරුම් දී ඇති බවද පැවැසේ.