Monday, February 10, 2025
Home Headlines වන සත්ව පහරදීම්වලදී රුපියල් ලක්‍ෂ 10ක් දක්වා වන්දි

වන සත්ව පහරදීම්වලදී රුපියල් ලක්‍ෂ 10ක් දක්වා වන්දි

වන අලි ඇතුළු වන සතුන්ගේ පහරදීම් හේතුවෙන් සිදුවන ජීවිත හානිවලදී සහ පූර්ණ ආබාධිතවීමකදී රුපියල් ලක්‍ෂ 10ක් දක්වා වන්දි ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත. වනජීවී සහ වන සංරක්‍ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මීට පෙර මේ සඳහා උපරිම වන්දි මුදල ලෙස ලබාදී තිබුණේ රුපියල් ලක්‍ෂ 05ක මුදලකි.

එමෙන්ම අර්ධ ආබාධිත හා ශාරීරික තුවාල සඳහා මෙතෙක් ගෙවූ රුපියල් 75,000ක වන්දි මුදල රුපියල් 1,50,000 ක් දක්වාත්, වන අලි පහරදීම් හේතුවෙන් සිදුවන නිවාස හා දේපළ හානි වෙනුවෙන් මෙතෙක් ගෙවූ රුපියල් ලක්‍ෂක වන්දි මුලද රුපියල් ලක්‍ෂ දෙකක් දක්වාත් ඉහළ නැංවීමට ද ඇමති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව වන අලි, දිවියන්, වලසුන්, කුළු හරකුන් සහ කිඹුලන්ගේ පහරදීමකින් මිය යන හා ආබාධිත තත්වයට පත්වන අයට ස්ත්‍රී පුරුෂ භේදයකින් හෝ වයස් භේදයකින් තොරව මෙම වන්දි මුදල් ලබාදීමට නියමිතය.