ඉදිරි සති දෙක තුළ කොරෝනා යළි හිස ඔසවනවා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

ඉදිරි සති දෙක තුළ අනිවාර්යයෙන්ම කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යනු ඇති බව මහජන
සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ ඔමික්‍රෝන් තර්ජනය සහ
නිවාඩු කාලය තුළ මෙරට ජනතාව දැක්වූ නොසැලකිලිමත් හැසිරීම් හේතුවෙන් රෝගීන් වැඩි වන බවයි.

ඔමික්‍රොන් රෝගීන් රට පුරා ප්‍රදේශ කිහිපයකින් අනාවරණය වෙමින් පවතින අතර එය මුළු දිවයිනටම
විශාල තර්ජනයක් වෙමින් පවතින බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
අනෙක් අතට, සාමාන්‍ය ජනතාව ඔමික්‍රෝන් තත්වවේ බරපතලකම සුළු කොට තැබූ බවක් පසුගිය නිවාඩු
දිනවල ජනතාව ක්‍රියා කළ ආකාරයෙන්ම පැහැදිලිව පෙනෙන්නට තිබූ බවද උපුල් රෝහණ මහතා පැවසීය.
දැන්, ඔමික්‍රෝන් මෙරට ප්‍රජාව තුළ ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇති බැවින් , රට තුළ විශාල ව්‍යසනයක්
ඇතිවීම වැලැක්වීම සඳහා බූස්ටර මාත්‍රාව ලබා ගැනීම සහ සෞඛ්‍ය පිළිවෙත් දැඩි ලෙස අනුගමනය කිරීම ඉතා
වැදගත් බවද ඔහු අවධාරණය කර සිටී.