භානුක සහ ඇන්ජලෝ පිටියට සමුදෙති

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් වන භානුක රාජපක්ෂ සහ ඇන්ජලෝ පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. ඊට අදාළ ලිපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර තිබේ. මෙම දෙදෙනාම විදේශීයව පැවැත්වෙන විස්සයි20 ලීග් ක්‍රිකට් තරග තවදුරටත් ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් පසුවෙති.
භානුක රාජපක්ෂ ජාත්‍යන්තර පිටියට සමුදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් යොමු කර තිබුණු අතර, ඊට හේතුව ලෙස දක්වා තිබුණේ ඔහුගේ පවුලේ වගකීම් බවය.
‘මම ක්‍රීඩකයෙක්, ස්වාමිපුරුෂයෙක් ලෙස මගේ තත්ත්වය ඉතා හොඳින් සලකා බලා මෙම තීරණය ගත්තේ’ යනුවෙන් එම නිවේදනයේ දැක්වේ.
මීට අමතරව ඇන්ජලෝ පෙරේරාගේ සමුගැනීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ විදෙස් රටවල් කිහිපයකින් ලද ආරාධනා බව හෙළිවේ.