කෝට්ටේ නගරාධිපති ගුටි කයි

කෝට්ටේ  නගරාධිපති අයි. වී. ප්‍රේමලාල් මහතා පිටකෝට්ටේ මංසන්ධියේ දී පුද්ගලයන් දෙදෙනකුගේ පහර කෑමට ලක්ව තුවාල ලබා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ. බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහර දිම සිදුව ඇතැයි වාර්තා වේ.

පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන්  පිය පුතු දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.