කළුබෝවිල රෝහලේ කොවිඩ් ලෙඩ්ඩු මිදුලත් අරක් ගනිති

කොවිඩ්-19 ආසාධිතයින් ඉහළයාම හේතුවෙන් කළුබෝවිල රෝහලේ හදිසි තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ. එහි කොවිඩ් වාට්ටුවේ එක් ඇඳක් මත රෝගීන් කිහිප දෙනෙකුම ප්‍රතිකාර ලබන බවත් වාට්ටුවේ බිම මෙන්ම ඉන් පිටත එළිමහනේ ද රෝගීන් රඳවා ඇති බවත් එම රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීහු පවසති.

කාර්ය මණ්ඩලය හැකි උපරිමයෙන් රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන නමුත් එම කාර්ය මණ්ඩල රෝගීන්ට උපස්ථාන කිරීමට ප්‍රමාණවත් නොවන බව ද ඔවුහු සඳහන් කරති.

මේ හේතුවෙන් රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටින බව ද වාර්තා වේ.

ඡායාරූප-ලංකාදීප වෙබ් අඩවියෙනි