ගෝඨා කැබිනට්ටුව වෙනස් කරයි

කැබිනට් අමාත්‍යවරුන් 04කගේ පමණක් විෂය පථයන් වෙනස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව ,මහාචාර්ය ජී. එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම සහ කෙහෙළිය රඹුක්වැල්ල යන අමාත්‍යවරුන් සිවුදෙනාගේ විෂය පථයන් වෙනස් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් ද ,මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විදෙස් කටයුතු ඇමැතිවරයා වශයෙන් ද ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය ඇමැතිවරයා වශයෙන් ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා විදුලිබල ඇමතිවරයා වශයෙන් ද පත්කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම කැබිනට් සංශෝධනය අනිද්දා (17දා) දිනයේදී සිදු කෙරෙනු ඇතැයි වාර්තා වේ .