ටෝකියෝ ඔලිම්පික් යන චාමර සැරයන් නිලයට උසස් කරයි

මෙම වසරේ පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ජූඩෝ ක්‍රීඩාවෙන් සුදුසුකම් ලබා සිටින ගුවන් හමුදා කෝප්‍රල් චාමර ධර්මවර්ධන ලබන අගෝස්තු මස 01 වැනිදා සිට සැරයන් නිලය දක්වා උසස් කර තිබේ. කෝප්‍රල් චාමර ධර්මවර්ධන 2016 වසරේ රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ද සහභාගි වූ ක්‍රීඩකයෙකි.
ගුවන් හමුදා කෝප්‍රල් චාමර ධර්මවර්ධන සැරයන් නිලය දක්වා උසස් කිරීමේ අවස්ථාවට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා එක්ව සිටි අතර, චාමර ධර්මවර්ධන අගයමින් ක්‍රීඩා භාණ්ඩ කට්ටලයක්ද ඔහු එහිදී පිරිනැමීය.