රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට අනතුරක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා රිය අනතුරකට ලක්ව තුවාල ලබා ඇත. රාජ්‍ය අමාත්‍යවරයා සිය දෛනික ව්‍යායාම කටයුතු සඳහා පා පැදියක නැගී ගමන් කරමින් සිටියදී එම පා පැදිය අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසලදී සිදුවූ මෙම අනතුරෙන් අමාත්‍යවරයාගේ නලලට, අත් සහ පාදවලට තුවාල සිදුවී ඇත. කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ තත්ත්වය බරපතළ නොවන අතර, ඔහු තුවාල සඳහා ප්‍රතිකාර ලබාගෙන එදිනමනිවසට පැමිණ ඇත.