ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට අතුරු කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට නිලධාරීන් 05 දෙනෙකුගෙන් යුත් අතුරු කමිටුවක් පත් කරන බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන් මහතා මාධ්‍ය වෙත අද (28දා) පවසා තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනයේ ධුර කාලය පසුගිය පෙබරවාරි මස 20 වැනිදායින් අවසන්ව ඇති බව නීතිපතිවරයා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත දන්වා ඇති බව වාර්තා වීමත් සමග මෙම තීන්දුව ගෙන තිබේ.
නීතිපතිවරයා මේ බව දන්වා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජික ක්‍රීඩා සමාජයක් වන කෝල්ට්ස් ක්‍රිකට් සමාජය ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කළ ලිපියට ප්‍රතිචාර දක්වමිනි.