සඳුදා සිට යළි පාසල් ආරම්භ කෙරේ

කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන දෙවැනි වරටත් වසා දැමුණු පාසල් ලබන 27 වැනිදා සිට නැවත විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ තීරණය කර තිබේ. ඒ අනුව ලබන 27 වැනිදා සිට දිවයිනේ සියලුම රජයේ පාසල් 11, 12 සහ 13 වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා විවෘත වේ.
පාසල් පැවැත්වෙන කාල සීමාව උදෑසන 7.30 සිට සවස 3.30 දක්වා වෙන්කර ඇති අතර සෙසු ශ්‍රේණි සඳහා ලබන අගෝස්තු 10 වැනිදා පාසල් ආරම්භ කෙරේ