උණ රෝහලෙන් පැනගිය කොවිඩ් ආසාදිතයා බස් රථ දෙකක ගිහින්

කොළඹ උණ රෝහලෙන් පැනගිය කොවිඩ් ආසාදිත රෝගියා බස් රථ දෙකකින් ගමන් කර ඇති බවට අනාවරණය වී ඇත. එසේම මේ පිළිබඳ සියලු තොරතුරු ලබාගෙන ඇති බවත්, ජනතාව කිසිදු අනියත බියක් ඇති කර නොගත යුතු බවත් කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. එසේම ඔහු ජාතික රෝහල අසලට ගමන්ගත් ත්‍රිරෝද රථයේ රියැදුරු නිරෝධායන කටයුතු සඳහා යොමු කළ බවත් හමුදාපතිවරයා සඳහන් කරයි.