පැනගිය කොරෝනා ආසාදිතයා නැවතත් කන්දකාඩුවට

අයි.ඩී.එච් රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයා නැවත කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටි රෝහල වෙත රැගෙන යාමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙම කොරෝනා ආසාදිතයා පසුගිය 24 වන දා අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලා ගොස් පැය 8කට පසු කොළඹ ජාතික රෝහල අසළදී සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් සොයැ ගැණිනි.