පෞද්ගලික උපකාරක පන්ති කරන මුවාවෙන් ළමයින් අපයෝජනය කළ ගුරුවරයා රිමාන්ඩ්

පෞද්ගලික උපකාරක පන්ති කරන මුවාවෙන් ළමයින් අපයෝජනය කරමින් අසභ්‍ය වීඩියෝ පට නිර්මාණය කළ ගුරුවරයෙකු අද (26 වැනිදා) නුගේගොඩ ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
කොල්ලුපිටිය පොලිසිය සහ ජාතික ළමා රක්ෂණ අධිකාරියේ නිලදාරීන් විසින් මෙම සැකකාර පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයා අත් අඩංගුවට ගනු ලැබීය.