අයි. පී. එල්. දිනය තීන්දුයි…

දින නියමයක් නොමැතිව සිටි අයි. පී. එල්. පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 19 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ කිරීමට ඉන්දියානු ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබේ. ඒ අනුව තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් මස 8 වැනිදා පැවැත්වීමට නියමිතය.
13 වැනි වරටත් පැවැත්වෙන අයි. පී. එල්. තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් සිදු කරනු ලබන්නේ ලෝක වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වසංගතය එම රාජ්‍යයට දැඩි බලපෑමක් එල්ල කර නොමැති වීම හේතුවෙන් බව ඉන්දියානු ක්‍රිකට් ආයතනය පවසයි.
මීට පෙර ඉන්දියානු ක්‍රිකට් ආයතනය මාර්තු මස 31 වැනිදා, අප්‍රේල් මස මැද භාගයේ සහ මැයි මාසයේදී අයි. පී. එල්. තරගාවලිය පැවැත්වීමට සැලසුම් කළත් කොරෝනා වසංගය හේතුවෙන් තරගාවලිය පැවැත්වීමට නොහැකි විය. නමුත් විස්සයි විස්ස ලෝක කුසලානය කල් දැමීමත් සමග සැප්තැම්බර් මසදී පැවැත්වීමට ස්ථිර කිරීමට අයි. පී. එල්. සභාපතිවරයා තීරණය කර තිබේ.