කැලණියේ ගින්නකින් නිවාස 6ක් විනාශ වේ

අද (27 වැනිදා) උදෑසන කැලණිය, පෙතියාගොඩ වේල්ල පාරේ නිවසක ඇති වු ගින්නක් පැතිරීයාමෙන් එම ස්ථානයේ තිබු තවත් නිවාස 6ක් ගිනි ගෙන විනාශ වී තිබේ. එක් නිවසක ඇති වු විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හට ගන්නට ඇති බවට සැක කෙරේ.
ගින්නෙන් කිසිවෙකුටත් හානියක් වී නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය පොලීසිය වැඩිදුර විමර්ෂණ සිදු කරයි.