අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක් ස්ථාවර මිලකට

අත්‍යවශ්‍ය ආහාර වර්ග 10 ක් ලබන ⁣මාසයේ සිට ස්ථාවර මිලකට පාරිභෝගික ජනතාවට ලබාදීමට තීරණය කර ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව එහි ආරම්භක පියවරක් ලෙස සහල්, පිටි, සීනි, පරිප්පු, අර්තාපල් ,ටින් මාළු, ළූනු ,හාල්මැස්සන්, බිත්තර, කුකුල් මස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර වර්ග 10 ක් මාස හයක කාලයක් මෙලෙස ස්ථාවර මිලක් යටතේ පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බව ඇමැතිවරයා සඳහන් කරයි. මෙම වැඩ පිළිවෙළ ලබන පෙබරවාරි මාසයේ සිට ජූනි දක්වා මාස හයක කාලයක් තුළ පවත්වාගෙන යාමට කටයුතු සම්පාදනය කර තිබේ.