ඇමැති වාසුදේවගේ පළමු පෙළ ආශ්‍රිතයින් 10 හඳුනා ගැනේ

කොරෝනා ආසාදනය වී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සමීපව ආශ්‍රය කළ මන්ත්‍රීවරුන් 10ක් මේ වන විට පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව එම මන්ත්‍රීවරු සියලුදෙනා සහ අදාළ අංශ මේ වන විට දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයි පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මේ අතර වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පසුගිය පාර්ලිමේන්තු රැස්වීම් වාරයේ දී දින 4 ම පාර්ලිමේන්තුවට පැමිණ තිබු බව ද වාර්තා වේ.