නව ආසාදිතයින් 285ක් අද හඳුනාගැනේ

අද (11 වැනිදා) දිනයේදී මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 285ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 48,665ක් වේ.
මේ අතර අද දිනයේදී කොරෝනා ආසාදිතයින් 766ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගිය අතර මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 42,000 ඉක්වමා ගොස් තිබේ. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 6,057කි.