ඩිජිටල් එන්නත් සහතික ලබාගන්න එක් දිනකට අයදුම්පත්‍ 1000ක්

අන්තර්ජාලය හරහා ‘ඩිජිටල් එන්නත් සහතිකය’ (ස්මාර්ට් වැක්සිං සටිෆිකට්) ලබාදීමේ ව්‍යාපෘතිය ආරම්භ කර පළමු පැය 24 තුළදී අයැදුම්පත් 1000 පමණ ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මෙම ඩිජිටල් එන්නත් සහතිකයේ ‘යූආර්’ විද්‍යුත් කොටසේ ගබඩා කර ඇති තොරතුරු ලෝකයේ ඕනෑම ස්ථානයකදී පරීක්‍ෂා කර තහවුරු කරගත හැකි බව කී සෞඛ්‍ය අමාත්‍යංශය, විදේශගත වන පුද්ගලයන් පමණක් මෙම සහතිකයේ නිකුත් කරන බව පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියෙන් https://covid-19.health.gov.lk/certificate/ යන වෙබ් ලිපිනයට පිවිස ඒ සඳහා අයැදුම් කළ හැකි බවත් අයැදුම් කර දින පහත් හතත් අතර කාලයකදී ඔහුගේ හෝ ඇයගේ විද්‍යුත් ලිපිනයට සහතිකය යොමු කිරීමට නියමිතය.