තවත් සතියක් රට වසයි

කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පැනවුණු නිරෝධායන ඇඳිරි නීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත. ඒ සෞඛ්‍ය අංශ ලබාදුන් තොරතුරු පාදක කර ගනිමිනි. මේ අනුව නිරෝධායන ඇඳිරි නීතිය යළි ලිහිල් කෙරෙන්නේ ලබන 06 වැනිදා සඳුදා අලුයම 4.00ටය.

මෙම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකා රැස්වීමේදීය. කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රට පුරා නිරෝධායන ඇඳිරිනීතිය පසුගිය 20 වැනිදා රාත්‍රී 10:00 සිට පණවනු ලැබීය.