අධිවේග මාර්ගයේ කොට්ටාව හුවමාරුවේ සේවකයින් 15 දෙනෙකුට කොවිඩ්

අද (30) දිනයේ කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් අධිවේගී මාර්ගයට ඇතුළත් කරන රථවාහන සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදුනොකළ බව වාර්තා වූ අතර එහි සේවකයින් පිරිසක් කොව්ඩ් ආසාදිතයින් වීම ඊට හේතුව බව පැවැසේ. එනම් දක්ෂිණ අධිවේග මාර්ගයේ කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ සේවය කරන මුදල් අයකැමිවරුන් 15 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙන බවද වැඩිදුරටත් සඳහන් වෙයි.

ඒ හේතුවෙන් අද (30) දිනයේදී කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයෙන් අධිවේගී මාර්ගයට ඇතුළත් කරන රථවාහන සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදුනොකළ බව එම දොරටුවෙහි සටහන් කර තිබුණ බවද වාර්තා වේ.
මෙරට සෞඛ්‍ය අංශ පවසන පරිදි දෛනිකව වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ සිඝ්‍ර වර්ධනයක් පවතින අතර පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන බවද දැනගන්නට ඇත.