මිලිලීටර් 180 මත්පැන් බෝතල් සඳහාත් තැන්පත් මුදලක් තබා ගෙන අලෙවි කිරීමට යයි

මිලිලීටර් 180 (කාල) බෝතල් සඳහා තැන්පත් මුදලක් තබා ගනිමින් බෝතල් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට සුරාබදු දෙපර්තමේන්තුව තීරණය කර තිබේ. පරිසර අධිකාරිය සහ සුරාබදු ස්ථානය එක්ව මෙම තීරණය ගෙන ඇති අතර සංඛ්‍යා ලේකන අනුව වසරකට මත්පැන් ඇතුළු විවිධ බෝතල් මිලියන 300න් පමණ පරිසරයට එකතු වන බවත් ලෝහ කෑන් මිලියන 160ක් පමණ පරිසරයට එකතු වන බවත් ඔවුන් ප්‍රකාශ කර සිටී.