විදෙස්ගත සිටි තවත් 421 දෙනකු අද දිවයිනට

විදේශගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 421 දෙනකු අද (19 වැනිදා) උදෑසන දිවයිනට පැමිණියේය. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය, එංගලන්තය සහ කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයෝ පිරිසක් මෙසේ දිවයිනට පැමිණියහ.
එංගලන්තයේ රැඳී සිටී 10 දෙනකු, කාටාර් රාජ්‍යයේ සිටි 394 දෙනකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි 17 දෙනකු මේ අතර වේ.
මොවුන් සියලු දෙනාම ගුවන් තොටුපළේදී පීසීආර් පරීක්ෂණයකට ලක් කළ අතර අනතුරුව දින 14ක නොරෝධායනය සඳහා යොමුකිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ මේ වනවිට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 2902 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 2755ක් සුවය ලබා රෝහල් වලින් පිටය ගොස් තිබේ. තවත් 136 දෙනකු ඊයේ (18 වැනිදා) වන විටදී ප්‍රතිකාර ලබමින් සිටියේය.