හිටුප අගමැති ඇතුළු පිරිසකට කොමිසමෙන් සිතාසි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික, සරත් ෆොන්සේකා ,රවුෆ් හකීම්, මලික් සමරවික්‍රම යන මහත්වරුන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, දෙමළ ජාතික සංවිධානයේ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන්ට ලබන සැප්තැම්බර් 7 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට ඊයේ (18 වැනිදා) සිතාසි නිකුත් කර තිබේ.