විදෙස් රැකියා ලබා දෙන බව පවසා ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝටියක මුදලක් වංචා කරලා

විදේශ රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයින් රවටා කෝටියකට අධික මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පුද්ගලයින් 9 දෙනකුගෙන් ලද පැමිණිලි මත හලාවත කොට්ඨාස වංචා විමර්ශන ඒකකය මගින මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.