බුරවි නිසා උතුරේ නිවාස 185කට හානි

බුරවි කුනාටුව හේතුවෙන් යාපනය, මුලතිව්, කිලිනොච්චි සහ මන්නාරම ප්‍රදේශවලට බලපා ඇති කාලගුණයෙන් නිවාස 185කට පමණ මේ වන විට හානි සිදුවී ඇති අතර පුද්ගලයින් 4000ක් පමණ අවතැන් වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශකර සිටී.
මේ අතර කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අක්කරයාන්කුලම් ප්‍රදේශයට ගතවූ පැය 24ක කාලය තුළ මිලිමීටර් 279.8ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ. එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට චාව කච්චේරි ප්‍රදේශයෙන් මිලිමීටර් 260ක්, මුලතිව් ප්‍රදේශයෙන් මිලිමීටර් 224ක් සහ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයෙන් මිලිමීටර් 202ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.
තවද පදවි ශ්‍රී පුර ප්‍රදේශයෙන් මිලිමීටර් 199ක සහ උදර්කට්ටු ප්‍රදේශයෙන් මිලිමීටර් 190ක වර්ෂාපතනයක්
වාර්තා වී ඇති අතර වැලිඔය ප්‍රදේශයෙන් මිලිමීටර් 170ක වාර්ෂාපතනයක් වාර්තා වී තිබේ.